සිංහල

Listen and Speak Study Pack

ඔබ ඔබේ මව්බස කතාකලේ සවන් දීමෙනි. ඒ සදහා ඔබට කිසිදු මූලික සුදුසුකමක් අවශ්‍ය වූයේ නැත. ඔබට එක් භාෂාවක් කතාකල හැකිනම්, වෙන  ඕනෑම භාෂාවක් කතා කල හැකිය. විදේශ රටක් සේවයට ගිය කෙනෙකු ටික කලකින් එම රටේ භාෂාව කතාකරන්නේ එම සිද්ධාන්තයට අනුවයි. භාෂාවක් කතා කිරීමට කිසිදු අධ්‍යාපන සුදුසුකමක් හෝ තරාතිරමක් අදාල වන්නේ නැත. විදේශ භාෂාවන් කතා කිරීමට ලොව බොහෝ රටවල (ඉන්දියාව, කොරියාව වැනි) භාවිතා කරන අති සාර්ථක ක‍්‍රමවේදය සවන් දීමෙන් කතා කිරීමයි.

මෙම ක‍්‍රමවේදය දැන් ශ‍්‍රී ලංකාවේ ඔබට ඉංග‍්‍රීසි කතාකිරීම පුහුණුවීම සදහා යොදා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ Orbit English Academy විසිනි. ඉංග‍්‍රීසි භාෂාව කතා කිරීමට ඇති නොහැකියාව නිසා සමාජයේ බොහෝ දෙනා අසරණව සිටිති. මෙම අවශ්‍යතාවය මැනවින් හදුනාගත් විශ්ව විද්‍යාල ආචාර්යවරු, පෞද්ගලික අංශයේ ගුරුවරු සහ මනෝ උපදේශකවරුන් ගෙන් සමන්විත මඩුල්ලක් විසින් වසර ගනනක් කල පර්යේෂණ වල ප‍්‍රතිඵලයක් ලෙස ලංකාවට ඔබින ලෙස  Listen and Speak ස්වයං අධ්‍යයන කට්ටලය නිර්මාණය කර තිබෙනවා.

මෙම ස්වයං අධ්‍යයන කට්ටලය හැදෑරීමෙන්

නිරායාසයෙන් ඉංග‍්‍රීසි ඔබට චතුරව කතා කිරීමට හැකියාව ලැබේ. විශේෂ වේලාවක් වෙන් නොකර තමා කරන කාර්යයේ නිරත වී සිටින අතරේ වුවද පසුතලයෙන් වාදනය කල හැකිය. පවුලේ සියඵම දෙනාට ඉංග‍්‍රීසි කතා කිරීම පුහුණු වීමට හැකියාව ලැබේ.

මෙහි අන්තර්ගතය

මෙම Listen and Speak අධ්‍යයන කට්ටලය තුල CD 6 ක් සහ පොත් 5 ක් ඇතුලත් කර තිබේ. පළමු CD 3 මගින් ඉංග‍්‍රීසි කතා කිරීමට අවශ්‍ය සියලූම ව්‍යාකරණ (Grammar) කොටස් ආවරණය කර ඇත. මෙම CD තුල සදහන් සියලූම පාඩම් මේ සමග සපයා ඇති පොත් තුලද අන්තර්ගතව ඇත. 05 වන CD එකේ සිට 06 වන CD එක දක්වා සංවාදමය පාඩම් අඩංගු වෙනවා. ඒවා සරල උච්චාරණයෙන් ආරම්භ වී ක‍්‍රමයෙන් සංකීර්ණ වාක්‍ය රටාවන් හා උච්චාරණයන් දක්වා ගමන් කරයි. අධ්‍යයනය කරන විට ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය නම් ගුරුවරයෙක් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

මනෝ විද්‍යාත්මක ක‍්‍රමවේදයක් යොදා ගැනීම

යමක් මනසට ඇතුඵවන්නේ ඒ දෙය නැවත නැවත අත්විදීමට සැලැස්වීමෙනුයි. ඔබට නිතර නිතර ඇසෙන දෙයක් වේ නම් (හින්දි ගීතයක් වැනි) ඔබටත් නොදැනීම එම හඩ ඔබේ මුවින් පිටවන ආකාරය ඔබ අත්විද ඇති බවට සැකයක් නැත.

“Listen and Speak” අධ්‍යයන කට්ටලය මගින් කරනුයේ සිංහල සහ ඒ සමග ඇසෙන ඉංගී‍්‍රසි සංවාද නැවත නැවත සවනට ඇසෙන්නට සැලැස්වීමයි. එහිදී ඔබටත් නොදැනීම ඔබ අදාල සංවාදය කතාකරන බව පරීක්ෂණය කර ඔප්පු කර ඇත. තවද මෙම CD තුල අඩංගු කෙටි සංවාද සිතේ චිත‍්‍රයක් (Mental image)  මැවෙන ලෙස සකස් කර ඇති නිසා අදාල සංවාදය නිතර ඇසෙන විට එම චිත්තරූප සමග අවස්ථානුකූලව ඉංග‍්‍රීසි ද මතක හිටිනු ඇත.

මෙය භාවිතා කිරීම

මේ සදහා ඔබට විශේෂ වේලාවක් හෝ නැකත් අවශ්‍ය නොවේ. ඔබ නිරතවන කාර්යය (රිය පැදවීම/ පාඩම් කිරීම / මුඵතැන්ගෙයි කටයුතු) අතරතුර පසුතලයෙන් වාදනය වීමට සලස්වන්න. දිනකට පැය භාගයක්වත් සවන් දීමෙන් මාස 3 ක් පමණ යනවිට ඔබටම ඔබේ ඉංග‍්‍රීසි කතාවේ හැකියාව තේරුම් ගත හැකි වනු ඇත.

මෙය භාවිතා කල අය ගැන

මෙම අධ්‍යයන කට්ටලය එළි දක්වා වසර 5 ක් පමණ වෙනවා. මෙතෙක් කල් මෙම අධ්‍යයන කට්ටලය ලබාගත් දස දහස් ගණනක් දෙනා අති සාර්ථක ප‍්‍රතිඵල ලබාගෙන තිබෙනවා. මෙතෙක් කලක් මෙම අධ්‍යාපන කට්ටලය සාර්තකව තිබෙන්නේ ඒ නිසයි.

Listen and Speak බොහෝ රටවල භාවිතා වන සාර්ථක ක‍්‍රමවේදයක්
ප‍්‍රවීන නිවේදක නිවේදිකාවන්ගේ හඩින් අති නවීන තාක්ෂණයෙන්
ප‍්‍රවීන ආචාර්යවරු සහ විද්වත් මඩුල්ලකගේ අධීක්‍ෂණය